හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට පොලීසිය පමණයි

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට පොලීසිය පමණයි

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී දැනුම් දුන්නා.

ඒ අනුව අද දිනයේ සිට පොලිස් නිලධාරීන් පමණක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ඇති.

නමුත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට කිසිදු ආකාරයක ගැටලුකාරී තත්වයක් ඇති වීමට ඉඩ නොතබන බව රජය පවසනවා.

ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් ගණන ද මේ වන විට අඩුකර ඇති අතර, නිලධාරීන් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම මෙලෙස හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා සිටි නිලධාරීන් සංඛ්‍යාව අවම කිරීමට හේතුවී තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව මාස 06කට වරක් සමාලෝචනය කර, ඒ අනුව ආරක්ෂක විධිවිධාන තර කරන බවයි රජය පවසන්නේ.

Share This