කාන්තා වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය ඉන්දියාවට

කාන්තා වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය ඉන්දියාවට

කාන්තා වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය තමන් සතු කරගැනීමට ඉන්දීය කණ්ඩායම අද (22) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේදී බංගලාදේශ කණ්ඩායම ලකුණු 41කින් පරාජයට පත් කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 117ක්.

එහිදී ගොන්ගාඩි ත්‍රිෂා ලකුණු 52ක් ලබාගත්තා. පන්දුයැවීමේදී ෆර්ජානා ඉසමින් කඩුලු 04ක් දවාගැනීමටයි සමත් වුණේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 118ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායමට පන්දුවාර 18.3ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 76ක් පමණයි.

එහිදී ජයිරියා ෆෙඩ්රූස් ලකුණු 22ක් රැස්කරගත්තා. පන්දුයැවීමේදී ආයුෂි ශකුල් කඩුලු 03ක් දවාගත්තා.

තරගය පැවැත්වුණේ, මැලේසියාවේ ක්වාලා ලම්පූර්වලදීයි.

Share This