කිරිඳිවැල ඝාතනයක්
කිරිඳිවැල පොලිස් වසමේ වල්ගම්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙම ඝාතනය සිදුව ඇත්තේ, ඊයේ සවස් කාලයේ දීයි.
එලෙස මියගොස් ඇත්තේ, 42 හැවිරිදි තිඹිරිගම – කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු විසින් කිරිඳිවැල – වල්ගම්මුල්ල ප්‍රදේශයේ බදු පදනම මත ලබා ගත් ඉඩමේ සිටි මුරකරු විසින් මෙම ඝාතනය සිදුකර, මරණකරුගේ යතුරු පැදිය ද රැගෙන පළා ගොස් ඇති බවටයි පොලීසිය සැක පළකරන්නේ.
කෙසේ වෙතත් ඝාතනයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
මරණකරුගේ මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිඳිවැල පොලීසිය විසන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.