කේරළ ගංජා කිලෝ 65කට අධික ප්‍රමාණයක් සමග සැකකාරියක් අත්අඩංගුවට
කේරළ ගංජා කිලෝ 65කට අධික ප්‍රමාණයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (18) දහවල් කොට්ටාව පොලිස් වසමේ හෝකන්දර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදීයි අදාළ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදී සැකකාරිය සන්තකයේ කේරළ ගංජා කිලෝ 65යි ග්‍රෑම් 480ක් සහ රුපියල් ලක්ෂ 05කට ආසන්න මුදලක් ද තිබී සොයාගෙන තිබෙනවා.
සැකකාරිය 47 හැවිරිදි හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වනවා.
අත්අඩංගුවට ගත් අදාළ භාණ්ඩ සහ සැකකාරිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන එම කාර්යංශය විසින් මෙහෙයවනු ලබනවා.