සබරගමුව සරසවි සිසුන් රෝහල්ගතවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් කැඳවයි

සබරගමුව සරසවි සිසුන් රෝහල්ගතවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් කැඳවයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම අධ්‍යාපන පීඨයේ දෙවන වසර සිසුන් 07 දෙනෙකු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඖෂධ හා එන්නත් ලබාගැනීමෙන් අනතුරුව බෙලිහුල්ඔය ප්‍රාදේශීය රෝහලෙන් නැවත ප්‍රතිකාර ලබාගැනීමට යොමුව ඇති බවට වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සේනාරත්න මහතාගේ ක්ෂණික අවධානය යොමු වී ඇති බව සඳහන්.

ඒ අනුව, මේ පිළිබඳ විශ්වවිද්‍යාල කොමිසමේ සභාපති සහ සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති, බලන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීතුමන් වෙතින් අදාළ සරසවි ශිෂ්‍යයන්ගේ තත්ත්වය විමසා බලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන වාර්තාවක් ලබාදීමට කටයුතු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරිය විසින් අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

Share This