සිමෙන්ති සංස්ථාවට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස බැංකු හා මූල්‍ය ක්ෂේත්රයේ වසර 37 ක අත්දැකීම් ඇති බැංකුකරුවෙක් වන ප්‍රියන්ත පීරිස් පත් කර තිබෙනවා.
1986 වසරේ දී බැංකුකරණයට පිවිසි, මූල්‍යකරණය හා බැංකුකරණය පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත ප්‍රියන්ත පීරිස්, ශ්‍රී ලංකාව, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය (ඩුබායි) යන රටවල පුද්ගලික බැංකුකරුවෙක් ලෙස වසර 37ක විශිෂ්ට සේවා කාලයක් සම්පූර්ණ කර ඇති බවයි සඳහන් වෙන්නේ.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ Missouri අන්තර්ජාතික විශ්වවිද්‍යාලයෙන් (The International University, Missouri, USA ) ව්‍යාපාර පරිපාලනය පිළිබඳව MBA උපාධිය හිමිකරගෙන තිබෙනවා.