කෙහෙළියගේ තවත් බැංකු ගිණුම් දෙකක් අත්හිටුවයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ තවත් බැංකු ගිණුම් දෙකක් අත්හිටුවා තිබෙනවා.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ සිදුකරනු ලබන විමර්ශනයන්ට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ජංගම ගිණුමක් සහ ස්ථාවර තැන්පතු ගිණුමක් මෙලෙස අත්හිටුවා ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ.
එම ගිණුම්වල ශේෂයන්හී එකතුව රුපියල් ලක්ෂ 200ක් පමණ වන බව සඳහන්.
ඒ අනුව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 53 (1) වගන්තිය ප්‍රකාරව 2024.12.17 (ඊයේ) දින සිට දින 07ක් සඳහා අදාළ බැංකු ගිණුම් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
තවද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම අත්හිටුවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කරගැනීමටයි කොමිෂන් සභාව අපේක්ෂා කරන්නේ.
මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම විමර්ශනයන්ට අදාලව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකුගේ වත්කම් ගණනාවක් අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.