Paye Tax එක වෙනස්වන විදිය මෙන්න
උපයනවිට ගෙවීමේ බද්ද අයකරන සීමාව 150,000 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද (18) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ,
” 6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගල ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමට සංශෝධන ලබා ගැනීමට අප සමත්ව තිබෙනවා. ඒ අනුව ලක්ෂ එකහමාරක් මාසෙකට වැටුපක් ගන්න කෙනෙකුගේ බදු 100%ක් නිදහස්. ලක්ෂ 2ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 71%කින් නිදහස්. ලක්ෂ දෙකහමාරක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 61%කින් නිදහස්. ලක්ෂ තුනක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 47%කින් නිදහස්. ලක්ෂ තුනහමාරක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්. “
ඒ අනුව වැඩි ආදායම් ලබා ගන්නා පුද්ගලයින්ට අඩු සහනයකුත්, අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයින්ට වැඩි සහනයකුත් ලැබෙන ලෙස උපයනවිට ගෙවන බද්ද සංශෝධනය කර ගැනීමට සමත් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.