බස්නාහිර පලාතේ විෂයන් කිහිපයක උග්‍ර ගුරු හිඟයක්
බස්නාහිර පළාතේ තවදුරටත් ගුරු පුරප්පාඩු 4000කට අධික සංඛ්‍යාවක් පවතින බව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය පවසනවා.
ඉංග්‍රීසි, දෙමළ හා තොරතුරු තාක්ෂණය යන විෂයන්ට අදාළ ගුරු හිඟය උග්‍ර බවත්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් උගන්වන ගුරු හිඟයක් පවතින බවත් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කරනවා.
මීට පිළියමක් ලෙස පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාලවලින් පිට වූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිරිසක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
දැනට පාසල්වල සිටින සංවර්ධන නිලධාරීන් පිරිසක් ද සුදුසුකම් මත ගුරු සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවද ප්‍රධාන ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවා.