උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ලොවපුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් වන්දනා මාන සිදුකරන වසර අවසාන පොහෝ දිනය හෙවත් උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

උඳුවප් පොහොය මෙරට බෞද්ධයන්ට ද ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහොය දිනයක්.

සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 07ක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනකයි.

සංඝමිත්තා තෙරණින් වහන්සේ මෙරටට උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමෙන් ලක්දිව භික්ෂුණි ශාසනයේ ආරම්භය සිදු වීමත් ලක්දිව ශාසන ඉතිහාසයේ සිදුවූ සුවිශේෂී සිදුවීමක්.

මේ අතර බුදුරජාණන් වහන්සේ පා පහස ලත් උතුම් සිරිපා වන්දනාව ද ආරම්භ වන්නේ අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙදී වීම විශේෂත්වයක්.

අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයට සමගාමීව දිවයින පුරා සියලු වෙහෙර විහාරස්ථානවල ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වතාවත් සිදු කෙරෙනවා.

Share This