මෙවර අමාදහර දූපත් විහාරස්ථානයක සිට

මෙවර අමාදහර දූපත් විහාරස්ථානයක සිට

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ, උඳුවප් පුන් පොහෝ දිනය හෙටට (14) යෙදී තිබෙනවා.

කවදත් පිං කැමති සහෘදයින් වෙනුවෙන් වන්දනීය වැඩසටහන් රැසක් සමඟ ස්වර්ණවාහිනී ඔබ වෙත ගෙනෙන අමාදහර පොහෝ දා වැඩසටහන, මෙවරත් උතුම් පිංකම් රැසක් සමඟින් ඔබේ ආලින්දයට ගෙන ඒමට සියල්ල සූදානම්.

ඒ අනුව මෙවර අමාදහර පොහෝදා වැඩසටහන පැවැත්වීමට නියමිතව ඇත්තේ, අහුංගල්ල කොත්දූව රජමහා විහාරස්ථානය මූලික කරගෙනයි.

දූපතක පිහිටි විහාරස්ථානයක් වන ගාල්ල කොත්දූව රජමහා විහාරය ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රමණීය වූ පුදබිමකි.

එවන් පිං බිමක සිට ඔබ වෙත ගෙනෙන වර්ෂ අවසාන පොහෝ දා වැඩසටහන පහත පරිදි සැදුම්ලත් වේ.

  • උදෑසන 6.00 ට – සිල් දීම සහ අනුශාසනාව : අහුන්ගල්ල කොත්දූව රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති අති පූජ්‍ය කුඩාගල අභය රතන නායක ස්වාමීන්වහන්සේ
  • උදෑසන 7.30 ට – ධර්ම දේශනාව : විචිත්‍ර ධර්ම කථික අතිපූජ්‍ය පිටිගල ධම්ම විනීත නාහිමි
  • උදෑසන 8.30 ට – පැවිදි මිණි පහන් : මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, මයුරපාද පිරිවෙන් විහාරාධිපති අචාර්‍ය අති පූජ්‍ය වලේබොඩ ගුණසිරි අනුනායක ස්වාමීන්වහන්සේගේ පැවිදි දිවිය පිළිබඳ මතකාවර්ජනය
  • උදෑසන 9.30 ට – දහම් සභාව : ඌව බිම්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය නාපටවන ධම්මානන්ද නායක ස්වාමීන්වහන්සේ සහ එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ආචාර්‍ය පූජ්‍ය කඹුරාවල රේවත නාහිමි.
  • දහවල් 1.00 ට – කවි බණ : කාව්‍ය ශූරි උඩලමත්තේ නන්දරතන ස්වාමීන්වහන්සේ
  • සවස 3.00 ට – දිවියට ඔවදන් : කාව්‍ය විශාරද නවගත්තේගම සිරිසුගත ස්වාමීන්වහන්සේ
  • රාත්‍රී 09.00 ට – සාරධාලංකාරය : කැලණි රජමහා විහාරාධිකාරී අතිපූජ්‍ය දෙනියායේ ප්‍රඥාලෝක ස්වාමීන්වහන්සේ සමඟින් කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් මහතා

එසේ නම් පිං කැමති සහෘදයින් වෙත දෙලොව දියුණුව පිණිස, ස්වර්ණවාහිනී අමාදහර ගෙනෙන මෙම වැඩසටහන් සමඟින් රැඳී සිටින ලෙස බැති සිතින් ආරාධනා කර සිටිමු.

Share This