සජබයේ ජාතික ලැයිස්තුවේ ඉතිරි හතරත් නම් කරයි
සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සඳහා වන නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා.
ඊට මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් යන අය ඇතුළත් බව සඳහන්.
මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පුරප්පාඩු පිරවීම සඳහා නම් යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.