පිරමීඩ හැඩැති දුර්ලභ නිල් මැණිකක් හමුවෙයි

පිරමීඩ හැඩැති දුර්ලභ නිල් මැණිකක් හමුවෙයි

දුර්ලභ ගණයේ නිල් මැණිකක් මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට හමුව තිබෙනවා.

මෙම මැණිකෙහි විශේෂත්වය වන්නේ, එය කපා ඔපදමා නොමැති පිරමීඩ හැඩයෙන් යුත් නිල් මැණිකක් වීමයි.

වසර 20 ක පමණ සිට මැණික් කර්මාන්තයේ නියැලී සිටින එහි හිමිකරු සඳහන් කළේ මැණික් ගලෙහි වටිනාකම තවමත් තහවුරු කර නොමැති බවයි.

බදුල්ල පස්සර ප්‍රදේශයේ පතලකින් හමුව ඇති එහි බර කැරට් 17.42 ක් වන බව සඳහන්.

මෙම මැණික් ගල සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් තහවුරු කරන ලද සහතිකය ද හිමිව තිබෙනවා.

මාධ්‍ය සමඟ අදහස් දක්වමින් එහි හිමිකරු පවසා සිටියේ, මෙම මැණික මෙරටට විදෙස් විනිමය උපයා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් වන බවයි.

Share This