ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි…

අත්පන්දු, කැරම් සහ හොකී ජාතික ක්‍රීඩා සංගම් තුනේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම සංගම් තුනේ පාලන සහ පරිපාලන කටයුතු තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පවරා ඇති අතර, ඒ සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

මෙලෙස ලියාපදිංචිය අත්හිටුවා ඇත්තේ ශ්‍රී ලංකා අත්පන්දු සංගමය, ශ්‍රී ලංකා කැරම් සංගමය සහ ශ්‍රී ලංකා හොකී සංගමයයි.

ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ, මෙම සංගම්වල ව්‍යවස්ථා සංශෝධන කටයුතු සම්පූර්ණ කිරීම සහ විනිවිදභාවයෙන් යුත් නිලවරණ ක්‍රියාවලියක් මඟින් නව නිලධාරීන් තෝරා පත්කර ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

නව නිලධාරී මණ්ඩල තේරීම සඳහා වාර්ෂික මහ සභා රැස්වීම් පවත්වා නිලවරණය අවසන් වන තෙක්, එම සංගම්වල සියලු කටයුතු කළමනාකරණය කිරීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැවරී තිබෙනවා.

මෙම තීරණය 2026 මැයි 19 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා අංක 2489/48 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇති ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලන පහත පරිදි වේ

ශ්‍රී ලංකා අත්පන්දු සංගමය (Handball)

ශ්‍රී ලංකා කැරම් සංගමය (Carrom)

ශ්‍රී ලංකා හොකී සංගමය (Hockey)

 

Share This