ඉන්දියාවේ දී ශ්‍රී ලාංකික තරුණියක් ඝාතනය කෙරේ
ඉ
න්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික තරුණියක් ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මියගොස් ඇත්තේ විලුප්පුරම් දිස්ත්‍රික්කයේ ශ්‍රී ලාංකික සරණාගත කඳවුරක පදිංචිව සිටි 18 හැවිරිදි යාන්සි නමැති තරුණියකි.
මූලික විමර්ශන අනුව, සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් පුද්ගලික සම්බන්ධතාවක් සහ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ආරවුලක් මෙම සිද්ධියට පසුබිම වී ඇති බව සඳහන් වේ.
තරුණිය තවත් කාන්තාවක් සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, ආරවුලට සම්බන්ධ පිරිස විසින් මෝටර් රථයකින් පසුපස හඹා ගොස් ගැටීමක් සිදුකර ඇති අතර, එම අනතුරින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. තවත් තරුණියක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන වාහනයක දේශපාලන ධජයක් සවිකර තිබූ බවද වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධ රාත්‍රී සමාජ ශාලාවටද මුද්‍රා තබා ඇති බව ඉන්දීය පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මක වේ.
