අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන් රවටා මුදල් වංචා කළ නයිජීරියානු ජාතිකයෙකු රිමාන්ඩ්
අන්තර්ජාලය හරහා ත්‍යාග පාර්සල් ලබාදෙන බව පවසා පුද්ගලයන් රැවටීමෙන් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වූ නයිජීරියානු ජාතිකයෙකු ලබන 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබෙනවා.
විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ, මෙම සැකකරු තවත් නයිජීරියානු ජාතිකයන් සමඟ එක්ව ශ්‍රී ලංකාව තුළ සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි. එම ජාලය මෙහෙයවීම සඳහා තවත් නයිජීරියානු ජාතිකයෙකු සම්බන්ධ බවද අනාවරණය වී තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබූ බැංකු කාඩ්පත් රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවාට අදාළ ගිණුම් තවමත් සක්‍රීය තත්ත්වයේ පවතින බවද අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙම වංචාවට වෛද්‍යවරුන්, විධායක මට්ටමේ රැකියා කරන පුද්ගලයන් සහ වයස අවුරුදු 35ත් 40ත් අතර කාන්තාවන් ඇතුළු පිරිසක් ගොදුරු වී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
