චීන යුධ ශක්තිය උපරිමයටම ගිහින් – ආසියාවටම අනතුරුදායක විය හැකියි

චීනය වේගයෙන් තම යුද ශක්තිය වැඩි කරමින් සිටින නිසා ආසියානු රටවල් තම ආරක්ෂක වියදම් වැඩි කළ යුතු බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.
සිංගප්පූරුවේ පැවති ෂැංග්‍රි-ලා ආරක්ෂක සමුළුවේදී ඔහු කියා සිටියේ, කලාපයේ කිසිදු රටකට තනි ආධිපත්‍යයක් ගොඩනැගීමට ඉඩ නොදිය යුතු බවයි.
ඇමරිකාව තම ආරක්ෂාව වෙනුවෙන් ඩොලර් ට්‍රිලියන 1.5ක් ආයෝජනය කරන බවත්, මිත්‍ර රටවල්ද තම ආරක්ෂක වියදම් GDP එකේ 3.5%ක් දක්වා ඉහළ නැංවිය යුතු බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම, ධනවත් රටවල ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකාව පමණක් වියදම් කරන යුගය අවසන් බවත්, සෑම රටක්ම තම ආරක්ෂාව සඳහා වැඩි වගකීමක් ගත යුතු බවත් ඔහු අවධාරණය කළා.
දකුණු කොරියාව, ජපානය, පිලිපීනය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් මේ වනවිට ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීමට ගන්නා පියවරද ඔහුගේ ඇගයීමට ලක්ව තිබෙනවා.
