පාසල් සිසුන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන් – හුංගම මුහුදේ දිය නාමින් ඉදලා

හුංගම කලමැටිය මුහුදු තීරයේ දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.
අතුරුදන් වූ සිසුන් අවුරුදු 12ත් 18ත් අතර වයස් කාණ්ඩවල පසුවන දරුවන් බව සඳහන්. ඔවුන් පිරිසක් සමඟ මුහුදේ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
සිද්ධිය සැලවීමත් සමඟ ජීවිතාරක්ෂක කණ්ඩායම්, පොලිසිය සහ ප්රදේශවාසීන් එක්ව සිසුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
මේ වනවිටත් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක වන අතර, දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දෙමාපියන් සහ ප්රදේශවාසීන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
⚠️ මේ අතර, පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුද සහ ගංගා ආශ්රිත ප්රදේශවල දිය නාන විට ඉතා සැලකිලිමත්ව කටයුතු කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
