රුමේෂ් සිය මංගල ඩයමන්ඩ් ලීගයට…

ශ්‍රී ලංකාවේ වත්මන් ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග, සිය මංගල “ඩයමන්ඩ් ලීග්” තරගාවලිය සඳහා සහභාගී වීමට මොරොක්කෝව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර තරගාවලි 4ක් ඉලක්ක කර ගනිමින් ඔහු මෙම විදේශ තරග සංචාරයට එක්වී ඇති අතර, ඩයමන්ඩ් ලීග් තරගාවලි 3කටත්, එක් මහද්වීපික රන් කාණ්ඩ තරගාවලියකටත් සහභාගී වීමට නියමිතයි.

මෙම තරග මාලාවේ පළමු තරගය අනිද්දා (31) මොරොක්කෝවේ රබාත් නුවරදී පැවැත්වෙනවා. ඉන් අනතුරුව රුමේෂ් ජුනි 04 වැනිදා ඉතාලියේ රෝමයේ පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් තරගයටද, ජුනි 16 වැනිදා චෙක් ජනරජයේ ඔස්ට්‍රාවා රන් ශූරතා තරගයටද, ජුනි 19 වැනිදා කටාර්හි දෝහා නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් තරගයටද සහභාගී වීමට නියමිතයි.

මොරොක්කෝවේදී ලොව ප්‍රමුඛ ක්‍රීඩකයන් සමඟ තරග වදිමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම රුමේෂ්ගේ මෙම සංචාරයේ විශේෂත්වයයි.

මෙය ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ ඉතා වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.

Share This