පොලිස් දඩ ලෙස “Gov Pay” හරහා ව්‍යාජ SMS

රජයේ ඩිජිටල් ආයතනය හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ “Gov Pay” ක්‍රමවේදය අනුකරණය කරමින්, ව්‍යාජ ලින්ක් යොදාගෙන ජනතාවගේ මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු රැසක් ලැබී ඇති බව පිළියන්දල පොලිසිය කියනවා.

පොලිසිය සඳහන් කළේ, එවැනි ව්‍යාජ “Gov Pay” ලින්ක් ජංගම දුරකථනවලට ලැබුණු පුද්ගලයන් පස්දෙනෙකු අද දිනයේ පමණක් පිළියන්දල පොලිසිය වෙත පැමිණ පැමිණිලි කර ඇති බවයි. එම ලින්ක් පරීක්ෂා කිරීමෙන් පසු ඒවා ව්‍යාජ බව ඔවුන්ට දැනුම් දීලා.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, එම ලින්ක් සමඟ සම්බන්ධ දුරකථන අංක කිහිපයක් මොරොක්කෝව සහ පිලිපීනයට අයත් ඒවා බව සොයාගත්තා කියලයි.

මෙම ව්‍යාජ ලින්ක් කෙටි පණිවිඩ සහ WhatsApp පණිවිඩ මාර්ගයෙන් පුද්ගලයන්ගේ ජංගම දුරකථන වෙත එවා ඇති අතර, ලින්ක් විවෘත කිරීමේදී රුපියල් 10,000ක දඩ මුදලක් ගෙවිය යුතු බවට සඳහන් වී තිබූ බවද පොලිසිය තවදුරටත් සදහන් කළා.

Share This