Digital ආර්ථිකය 12% දක්වා ඉහළට ගන්නවා

ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය මේ වනවිට තිබෙන 3% මට්ටමේ සිට 2030 වනවිට 12% දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පවසනවා.

කොළඹ Information and Communication Technology Agency of Sri Lanka ආයතනයේ පැවති වැඩසටහනකදී ඔහු සඳහන් කළේ, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කරමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබාදීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.

සන්නිවේදන තාක්ෂණය භාවිතා කරමින් ආර්ථික කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ ආදායම් වර්ධනය වැඩිදියුණු කිරීම ඩිජිටල් ආර්ථික සංවර්ධනයේ අරමුණ බවද ඔහු පැහැදිලි කලා.

එමෙන්ම “Champions Network” නම් වැඩසටහන සඳහා සුදුසු රාජ්‍ය නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීමද මේ යටතේ සිදු කරන බව සඳහන්.

Share This