අලියාවැටුණු වනාන්තරය අලියන්ටම වෙන් කරයි
අලියාවැටුණු වැව වනාන්තරය අලි ඇතුන් වෙනුවෙන් රක්ෂිතයක් කරන්න රජය තීරණය කරලා තියෙනවා.
නව රජය යටතේ, එක වසරක් ඇතුළත ලංකා ඉතිහාසයේ වැඩිම වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත ලෙස ආරක්ෂා කරපු අවස්ථාවක් විදිහට මේක හැඳින්වෙනවා.
අලි ඇතුන් සහ අනෙකුත් වන සතුන්ගේ භූමි ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන “වනස්පති” ජාතික වැඩසටහන යටතේ, ජගත් පරිසර දිනයට සමගාමීව මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න නියමිතයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රදේශයේ පිහිටි අලියාවැටුණු වැව වනාන්තරය හෙක්ටයාර් 69.27ක භූමි ප්‍රමාණයකින් යුක්තයි.
වියළි කලාපීය ලක්ෂණ තියෙන මේ වනාන්තරය, ශාක සහ සත්ව විවිධත්වයෙන් පොහොසත් ප්‍රදේශයක් ලෙස සැලකෙනවා. විශේෂයෙන් අලි ඇතුන් ඇතුළු සතුන් රැසකට මෙය වැදගත් වාසස්ථානයක්.
වනාන්තරය මැද තියෙන ජල මූලාශ්‍රය නිසා සතුන්ගේ ජල අවශ්‍යතාත් සපුරාලෙනවා.
ඒ වගේම, මේ වනාන්තරය ජල උල්පත් පෝෂණය කරන වැදගත් පරිසර පද්ධතියක් වන අතර, ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාවය රැකගැනීමටත් විශාල දායකත්වයක් ලබාදෙනවා.
