මෙසීගේ පිළිරුව ඉවත් කරයි!

ඉන්දියාවේ කොල්කටා නගරයේ ඉදිකර තිබුණු අඩි 70ක් උස ලයනල් මෙසීගේ දැවැන්ත ප්‍රතිමාව ඉවත් කරන්න බලධාරින් තීරණයක් අරගෙන.
ඒකට හේතුව වෙලා තියෙන්නේ, ප්‍රතිමාව සුළඟට සෙලවෙන බව නිරීක්ෂණය වීම. මේ ගැන ප්‍රදේශවාසීන්ගෙන්ද ආරක්ෂාව පිළිබඳ පැමිණිලි ලැබිලා තිබුණා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙසී ඉන්දියාවට සංචාරය කළ අවස්ථාවේ මේ ප්‍රතිමාව විවෘත කරා.
පසුව බලධාරින් ප්‍රතිමාව පරීක්ෂා කරලා, එය දැන් තියෙන ස්ථානය ජනතාවට අනාරක්ෂිත බව තීරණය කරලා තියෙනවා. විශේෂයෙන් එය කාර්යබහුල මාර්ගයක සහ උමං මාර්ගයකට ආසන්නව තිබීම නිසා අසලින් ගමන් කිරීමත් තාවකාලිකව තහනම් කරලා තියෙනවා.
දින 27ක් පුරා 45 දෙනෙකුගේ කණ්ඩායමක් එක්ව මේ ප්‍රතිමාව ඉදිකර තිබෙන අතර, දැන් එය වෙනත් ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට සුදුසු තැනක් සොයමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
