පොලීසිය කියන්නේ, මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ වෙලා විදෙස් රටවලට පැනලා සැඟවී සිටින රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් 89 දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට මේ වනවිට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා කියලා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා කියා සිටියේ, ඊයේ රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තවත් සැකකරුවන් 8 දෙනෙක් මෙරටට ගෙන්වා ගත් බවයි. ඊට පෙර 22 වනදාත් සැකකරුවන් 19 දෙනෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් ඇතුළු 21 දෙනෙක් ඩුබායි සිට ලංකාවට ගෙනාවා කියලා ඔහු සඳහන් කරනවා. ඔවුන් ගැන මේ වනවිට විශේෂ විමර්ශන ක්‍රියාත්මක වෙනවා. ගෙන්වාගත් අලුත් සැකකරුවන් 8 දෙනා අතරින් තිදෙනෙක් සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සම්බන්ධ වෙලා විදෙස්ගතව ඉඳලා ලංකාවේ අපරාධ මෙහෙයවූ අය බවත්, තවත් දෙදෙනෙක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවත් පොලීසිය කියනවා. ඉතිරි තිදෙනාත් විවිධ බරපතළ අපරාධවලට සම්බන්ධ අය ලෙස හඳුනාගෙන. පොලීසිය තවදුරටත් අවධාරණය කරන්නේ, ලංකාවේ අපරාධ කරලා විදෙස් රටවලට පැනලා සැඟවී ඉඳන් අපරාධ මෙහෙයවන කිසිම කෙනෙකුට ඉඩ නොදෙන බවයි. 2024 සිට 2026 දක්වා කාලය තුළ රතු නිවේදන හරහා සැකකරුවන් 32 දෙනෙක් ලංකාවට ගෙන්වාගෙන තිබෙන අතර, තවත් රටවල් සමඟ එක්ව අපරාධකරුවන් 70 දෙනෙක් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලීසිය සඳහන් කළා. ඒ වගේම ඉදිරියේදී රතු නිවේදන නිකුත් කර ඇති තවත් 89 දෙනෙකුද මෙරටට ගෙන්වාගැනීමට කටයුතු කරන බව ඔහු සදහන් කළා.

පොලීසිය කියන්නේ, මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ වෙලා විදෙස් රටවලට පැනලා සැඟවී සිටින රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් 89 දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට මේ වනවිට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා කියලා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා කියා සිටියේ, ඊයේ රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තවත් සැකකරුවන් 8 දෙනෙක් මෙරටට ගෙන්වා ගත් බවයි. ඊට පෙර 22 වනදාත් සැකකරුවන් 19 දෙනෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් ඇතුළු 21 දෙනෙක් ඩුබායි සිට ලංකාවට ගෙනාවා කියලා ඔහු සඳහන් කරනවා.

ඔවුන් ගැන මේ වනවිට විශේෂ විමර්ශන ක්‍රියාත්මක වෙනවා. ගෙන්වාගත් අලුත් සැකකරුවන් 8 දෙනා අතරින් තිදෙනෙක් සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සම්බන්ධ වෙලා විදෙස්ගතව ඉඳලා ලංකාවේ අපරාධ මෙහෙයවූ අය බවත්, තවත් දෙදෙනෙක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවත් පොලීසිය කියනවා. ඉතිරි තිදෙනාත් විවිධ බරපතළ අපරාධවලට සම්බන්ධ අය ලෙස හඳුනාගෙන.

පොලීසිය තවදුරටත් අවධාරණය කරන්නේ, ලංකාවේ අපරාධ කරලා විදෙස් රටවලට පැනලා සැඟවී ඉඳන් අපරාධ මෙහෙයවන කිසිම කෙනෙකුට ඉඩ නොදෙන බවයි. 2024 සිට 2026 දක්වා කාලය තුළ රතු නිවේදන හරහා සැකකරුවන් 32 දෙනෙක් ලංකාවට ගෙන්වාගෙන තිබෙන අතර, තවත් රටවල් සමඟ එක්ව අපරාධකරුවන් 70 දෙනෙක් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලීසිය සඳහන් කළා. ඒ වගේම ඉදිරියේදී රතු නිවේදන නිකුත් කර ඇති තවත් 89 දෙනෙකුද මෙරටට ගෙන්වාගැනීමට කටයුතු කරන බව ඔහු සදහන් කළා.

Share This