පැනගිය සැකකරු නැවත අල්ලයි – යුවල ඝාතනය,රත්තරන් පැහැරගැනීම බිරිදගේ කීමටයි

නුවර ජාතික ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හැටන්–දික්ඔය ද්විත්ව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අද අලුයම බන්ධනාගාර ආරක්ෂාව මධ්‍යයේ රහසිගතව පැනගියා.

ඒත් පොලිසිය ඉක්මනින්ම ක්‍රියාත්මක වෙලා, බගවන්තලාව සහ හැටන් පොලිස් කණ්ඩායම් එක්ව කළ විශේෂ මෙහෙයුමකින් පැය කිහිපයක් ඇතුළත ඔහුව බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත්තා.

පස්සේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කරලා ලබන ජූනි 03 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝග කළා.

මේ සැකකරු කියලා තියෙන්නේ මේ අපරාධය තමන්ගේ බිරිඳගේ බලපෑම් නිසා කළා කියලා. ඒ වගේම රෝහලෙන් පැනගියෙත් ඇයගෙන් පළිගන්න කියලා. ඔහු මීට කලින්ම බිරිඳව ඝාතනය කරන බවටත් පොලිසියට කියලා තිබුණ නිසා, පොලිසිය ඉක්මනින් ඇයට විශේෂ ආරක්ෂාවක් දීලා තියෙනවා.

ඔහුව ආපහු අත්අඩංගුවට ගැනීමත් එක්ක ප්‍රදේශයේ තිබුණු බය සහ නොසන්සුන්කමත් දැන් අඩුවෙලා තියෙනවා

Share This