ධර්මාධිකරණය යලිත් එයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, මහානායක ස්වාමීන් වහන්සේලා කළ ඉල්ලීමකට ගරු කරමින් විහාර හා දේවාලගම් පනත සංශෝධනය කරන්න රජය මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කරලා, භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු ගන්න බලය ඇති “ධර්මාධිකරණයක්” නැවත පිහිටුවීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ අදහස් ජනාධිපතිවරයා පළ කළේ අද මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, බුද්ධ ශාසනයේ විනය සහ සංවිධානය ආරක්ෂා කරගැනීම සඳහා මේ පියවර වැදගත් වන බවයි.

Share This