අයිස්ලන්තයෙන් මදුරුවන් හමුවෙලා

ලෝකයේ මදුරුවන් නැතිව තිබුණු අවසාන රට කියලා සැලකුණු Iceland රාජ්‍යයෙන් පළමු වතාවට මදුරුවන් හමුවෙලා තියෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ සිදුවීම ගැන විද්‍යාඥයන් සහ පරිසරවේදීන් දැඩි අවධානයෙන් ඉන්නවා.

මෙතෙක් කාලයක් Iceland කියන්නේ මදුරුවන්ට ජීවත් වෙන්න බැරි රටක් විදිහටයි ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ඒකට හේතුව තමයි එහි තිබෙන අසාමාන්‍ය දේශගුණික තත්ත්වය. එකපාරටම දැඩි ශීතල වීම, ඊට පස්සේ අයිස් දියවීම වගේ වෙනස්කම් නිසා මදුරුවන්ට බෝවෙන්න හෝ ජීවත් වෙන්න සුදුසු පරිසරයක් තිබුණේ නැහැ.

හැබැයි දැන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක Iceland වල උෂ්ණත්ව රටාව ටිකෙන් ටික වෙනස් වෙමින් පවතිනවා කියලා විද්‍යාඥයන් කියනවා. ඒ නිසා මදුරුවන් බෝවෙන්න සුදුසු වටපිටාවක් දැන් එහි නිර්මාණය වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

මේ සිදුවීමත් එක්ක, ලෝකයේ මදුරුවන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස්ව තිබුණු අවසාන ස්වභාවික ආරක්ෂිත කලාපයත් දැන් අහිමි වෙමින් යනවා කියලා විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Share This