හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

ජාතික නිදහස් පෙරමුණට ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ලබාදී තිබූ වාහන අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබුවා.

එහිදී, නඩුවේ විත්තිකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නියෝගයක් නිකුත් කළා.

මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරුවන් අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාද ඇතුළත් වනවා.

එමෙන්ම, නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ඔක්තෝබර් 14 වනදා යළි කැඳවීමටද අධිකරණය නියෝග කළා.

 

Share This