ඩොලරය යළිත් ඉහළට
ඩොලරයේ විකුණුම් මිල දැන් රුපියල් 330 සීමාවත් පහු කරලා. මහ බැංකුව අද (27) නිකුත් කරපු අලුත් විනිමය අනුපාතික අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 320.40ක් වෙලා තියෙනවා. විකුණුම් මිල රුපියල් 330.81ක් දක්වා ඉහළ ගිහින්.
ඊයේ (26) දවසේ නම් ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.32ක් සහ විකුණුම් මිල රුපියල් 328.69ක් ලෙස සටහන් වෙලා තිබුණා.
ඒ කියන්නේ එක දවසක් ඇතුළතම ඩොලරයේ අගය තවත් ඉහළ ගිහින් තියෙනවා කියලායි.
