බංග්ලාදේශය වගේ (IMF) සමඟ වඩාත් යථාර්ථවාදී ගිවිසුමකට එළඹී ජනතාවට සහන සලසන්න
බංග්ලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දේශපාලන වාසියක් සඳහා නොව, වත්මන් ලෝක ආර්ථික තත්ත්වයන් නිසා පීඩාවට පත්වෙන සාමාන්‍ය ජනතාවගේ බර අඩු කර ගැනීම සඳහා වඩාත් යථාර්ථවාදී ගිවිසුමකට එළඹීමට උත්සාහ කරනවා.
ශ්‍රී ලංකාවත් ජනතාවගේ සුභසාධනය ගැන ප්‍රධාන වශයෙන්ම සිතිය යුතුයි. ආර්ථික ප්‍රතිපත්තිය කියන්නේ නැවත භාණ්ඩ හිඟවෙලා, මිල ගණන් තවත් ඉහළ ගිහින්, පවුල් අන්ත අසරණ තත්ත්වයට වැටෙනකම් බලා ඉන්න එකක් වෙන්න බෑ.
නායකත්වයේ වගකීම තමයි ජනතාවගේ දුක දරාගන්න බැරි මට්ටමට යන්න කලින්ම ඔවුන්ව ආරක්ෂා කරන එක. තවමත් වැඩිය දරුණු අර්බුදවලට වැටෙන්න පෙර කාලය තියෙන නිසා, දැන්ම ක්‍රියාත්මක වෙන්න ඕන.
