ආරක්ෂක ලේකම්වරයා රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි
ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා මේ දවස්වල රුසියාවේ නිල සංචාරයක නිරත වෙලා ඉන්නවා. ඒ අතරේ ඔහු පසුගියදා මොස්කව් නුවරදී රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය Vasily Osmakov මහතා හමුවුණා.
මේ හමුව සිද්ධ වුණේ මොස්කව්හි පැවැත්වෙන ජාත්‍යන්තර ආරක්ෂක සංසදය සහ ආරක්ෂක ගැටලු ගැන ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ වාර්ෂික රැස්වීමට සමගාමීවයි.
මෙහිදී දෙරටටම වැදගත් ආරක්ෂක කරුණු ගැන සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ රුසියාව අතර යුධ හා තාක්ෂණික සහයෝගීතාව, පුහුණු වැඩසටහන් සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම ගැන අවධානය යොමු කරලා තිබුණා.
ඒ වගේම රුසියාවේ සේවය කරන හිටපු ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් ගැනත් දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් කතාබහ කරලා තියෙනවා.
මෙම සාකච්ඡාවට රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනී ගුණසේකර මහත්මිය, චාන්සරි අංශයේ ප්‍රධානී මිහිරාවි දිසානායක මහත්මිය සහ ආරක්ෂක උපදේශක එයාර් කොමදෝරු දිනේෂ් කසාගල මහතාත් එක්ව සිටියා.
