දිට්වා වන්දියෙන් අල්ලස් ඉල්ලූ තණමල්විල ග්‍රාම නිලධාරියා රිමාන්ඩ්

දිට්වා සුළි කුණාටුවෙන් නිවසකට සිදුවූ සම්පූර්ණ හානිය වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 50ක ආධාර මුදලට අදාළ පළමු වාරිකය ලබාදීමේදී අල්ලස් ඉල්ලූ බවට චෝදනා ලැබූ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරියෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඔවුන් ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළා.

අල්ලස් කොමිසම සඳහන් කර ඇත්තේ, ආධාර මුදලේ පළමු වාරිකය වන රුපියල් ලක්ෂ 20 ලබාදීමේදී සැකකරු රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගෙන ඇති බවයි.

ඉදිරි විමර්ශන කටයුතු අවසන් කර, වැඩිදුර වාර්තා මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Share This