වසර 09කට පසු කතෝලික සභාව යළි රැස් වේ
ඊයේ ජනාධිපති කාර්යාලයේ කතෝලික සභාවත් එක්ක වැදගත් සාකච්ඡාවක් තිබුණා. ඒකට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාත් එක්වුණා.
මෙහිදී රජයට පවරාගෙන තියෙන කතෝලික පාසල්වල තියෙන පරිපාලන ගැටලු ගැන කතා කළා. ඒ වගේම කතෝලික ධර්මය උගන්වන්න ගුරු පත්වීම් ක්‍රමයක් හදන එක, පියතුමන්ලා සහ
සොහොයුරියන් ගුරු සේවයට බඳවා ගැනීම, සහ එම පාසල්වල වැඩකටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහාය ලබාගන්න ක්‍රමවේදයක් සකස් කිරීම ගැනත් සාකච්ඡා වුණා.
ඉදිරියට කතෝලික සභාවත් එක්ක මේ වගේ සාකච්ඡා අවුරුද්දට තුන් වතාවක් පවත්වන්නත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා එහි ලේකම් ලෙස කටයුතු කරන්නත් තීරණය කළා.
මෙම සාකච්ඡාව ලබාදුන්න එක ගැන කතෝලික සභාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට ස්තූතිය පළ කරන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කියා සිටියා.
උන්වහන්සේ තවදුරටත් කිව්වේ, ආගම කුමක් වුණත් හැම සිසුවෙකුටම තමන්ගේ ආගම ඉගෙනගන්න අවස්ථාව ලැබිය යුතු බවයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන ගැටලුත් විසඳාගන්න අවශ්‍ය බවත් උන්වහන්සේ සඳහන් කළා.
මෙම අවස්ථාවට රදගුරු හිමිපාණන් කිහිපදෙනෙක්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.
