රුපියල් ට්‍රිලියනයක බදු එකතු කරයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වසරේ බදු ආදායමෙන් විශාල සන්ධිස්ථානයක් පසු කරලා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේව් පී.එච්. ප්‍රනාන්දු මහතා පවසන්නේ, මැයි 18 වනදා වන විට රුපියල් ටිලියනයකට වඩා වැඩි බදු ආදායමක් රැස් කරගැනීමට හැකිවූ බව සදහන්.

සරලව කියනවා නම්, රටේ ජනතාව සහ ව්‍යාපාර ගෙවන බදු මුදල් එකතු වෙලා දැන් රුපියල් ටිලියනය ඉක්මවූ ඉතා විශාල මුදලක් බවට පත්වී තිබෙනවා.

මෙම ආදායම රටේ සංවර්ධන කටයුතු, රජයේ වියදම්, සේවාවන් සහ යටිතල පහසුකම් සඳහා වැදගත් ලෙස යොදා ගන්නා බවයි සඳහන් කරන්නෙ.

එමෙන්ම, සෘජු බදු සහ වක්‍ර බදු ගෙවමින් රටට දායකත්වය ලබාදුන් සියලු දෙනාටම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෘදයාංගම ස්තුතිය පළ කරනවා.

Share This