පොහොර ඉසීමට ඩ්‍රෝන තාක්ෂණය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන වගාවන් සඳහා බීජ සහ පොහොර ඉසීමේ නව වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ හසලක ප්‍රදේශයෙන් ආරම්භ කරලා.
මෙම වැඩසටහන යටතේ යල කන්නයේ අතරමැදි වගාවක් ලෙස සිදුකරන මුං වගාවකට ඩ්‍රෝන යන්ත්‍ර භාවිතයෙන් බීජ සහ පොහොර ඉසීම සිදුකර ඇති අතර, එය නියමු ව්‍යාපෘතියක් ලෙස අක්කර භාගයක භූමියක ක්‍රියාත්මක කර තිබෙනවා.
සාමාන්‍යයෙන් ගොවීන් අතින් කරන මෙම කාර්යය ඩ්‍රෝන තාක්ෂණය මඟින් ඉතා වේගයෙන් සහ පහසුවෙන් සිදුකළ හැකි බව මෙහිදී පෙන්වා දී තිබෙනවා. විශේෂත්වය වන්නේ අක්කර භාගයක පමණ මුං වගාවකට බීජ වැපිරීමට ගතවී ඇත්තේ මිනිත්තු පහක කාලයක්.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ මගපෙන්වීම සහ හසලක අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය සමගයි.
කෘෂිකාර්මික කටයුතු නවීකරණය කිරීම, ගොවීන්ගේ මහන්සිය සහ වියදම අවම කිරීම, එමෙන්ම කාලය ඉතිරි කිරීම සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණය ඉදිරියේදී වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බව කෘෂිකර්ම නිලධාරීන් පෙන්වා දෙනවා.
