ඇමති නලින්ද ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී නිපොන් පදනමේ සභාපති හමුවෙයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ දවස්වල ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය මහා සමුළුවට සහභාගී වෙලා ඉන්න අතරේ, ජපානයේ ප්‍රසිද්ධ Nippon Foundation පදනමේ සභාපති Yohei Sasakawa මහතාත් එක්ක විශේෂ සාකච්ඡාවක් කරලා තියෙනවා.

මේ හමුවේදී ශ්‍රී ලංකාවේ රෝහල් සංවර්ධනය, මහජන සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආබාධිත ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් Nippon Foundation එකෙන් ලබාදෙන සහය ගැන අවධානය යොමු කරලා තියෙනවා.

ඒ වගේම ග්‍රාමීය දරිද්‍රතාවය අඩු කරන්න සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න අලුත් ව්‍යාපෘති ගැනත් මෙහිදී සාකච්ඡා වෙලා තිබෙනවා.

නලින්ද ජයතිස්ස මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ සභාපතිවරයා විදිහටත් කටයුතු කරන නිසා, කලාපයේ රටවල්වල සෞඛ්‍ය සේවා ක්‍රම ගැනත් විශේෂ අවධානයක් යොමු කරලා තිබුණා.

Nippon Foundation කියන්නේ ජපානයේ විශාල පෞද්ගලික පදනමක්. ලෝකය පුරා සෞඛ්‍ය, අධ්‍යාපනය, ආබාධිත පුද්ගලයන්ට සහය සහ මානුෂීය සේවා වගේ වැඩ රැසක් මේ ආයතනයෙන් කරනවා.

Share This