ඩොලරය අහසට නගින අස්සේ! ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග අයෙක් කොටුවෙයි නෝට්ටු 453ක් පොලිස් භාරයට

ව්‍යාජ ඇමරිකන් ඩොලර් නෝට්ටු තොගයක් එක්ක පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා.
සැකකරු ළඟ තිබිලා ව්‍යාජ ඇමරිකානු ඩොලර් නෝට්ටු 453ක් පොලිස් භාරයට අරගෙන තියෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශයට ලැබුණු රහසිගත තොරතුරක් මත වැල්ලවත්තේ තාවකාලික කාමර දෙන ස්ථානයක් වටලා මේ සැකකරු අල්ලගෙන තියෙනවා.
මේ ව්‍යාජ ඩොලර් නෝට්ටු ඔහුට ලැබුණේ කොහොමද, ඒවා සංසරණයට දාලා තියෙනවද කියලා හොයන්න පොලිසිය දැන් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් කියලාත් වාර්තා වෙනවා.
