May 21, 2026 4:19 pmපෙට්‍රල් තත්ත්වය මේ වෙනකොටත් අර්බුදයකට ළං වෙලා තියෙනවා. මේ අවුරුද්ද ඇතුළත රුපියලත් සියයට 14කින් පහල වැටිලා. අපේ IMF වැඩසටහන 2027 මාර්තු වලින් ඉවර වෙනවා. ඒත් ඊට පස්සේ මොනවා කරනවද කියලා රජයට පැහැදිලි සැලැස්මක් නෑ කියලයි කියන්නේ. තවමත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන වෙලාවෙම ඒ වැඩේ කරන්න ඕනේ. මොකද, සංචිත නැති වෙලා අර්බුදයක් ආවට පස්සෙ තමයි හැමදාම සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකාව ඉන්නේ සාකච්ඡා කරන්නම අමාරුම තත්ත්වයක. ඒ නිසා තවත් අර්බුදයක් එන්න කලින්ම, IMF එකත් එක්ක ඊළඟ වැඩසටහනක් ගැන දැන්ම වැඩ පටන් ගන්න එක වඩා හොඳයි කියලා අදහස් පළ වෙලා තියෙනවා. Share This