ජාතික කලාභවනේ ඉපැරණි සිතුවම් 42ක් අස්ථානගත වෙලා -ඇමති හිනිඳුම සුනිල් සෙනවි

ජාතික කලාභවනේ තිබුණු පෞරාණික සිතුවම් 42ක් අතුරුදන් වෙලා තියෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.
අද පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, 2015 වසරේදී භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් ජාතික කලාභවනේ චිත්‍ර සහ මූර්ති පිළිබඳව කළ පරීක්ෂාවකදී මේ සිතුවම් අස්ථානගත වී ඇති බව හෙළිවූ බවයි.
ඒ අනුව, වටිනා පෞරාණික කලා නිර්මාණ 42ක් මේ වනවිට සොයාගත නොහැකි තත්ත්වයක පවතින බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරනවා.
