අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින්කඩ තද වැසි
නිරිත දිග මෝසම
දැන් ටිකෙන් ටික දිවයින පුරා ස්ථාපිත වෙමින් පවතිනවා කියලා කාලගුණ දෙපාර්තමේන්තුව කියනවා. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන්න පුළුවන්. සමහර ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තද වැසිත් ලැබෙන්න ඉඩ තියෙනවා. උතුරු පළාතට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයටත් වැසි වාර කිහිපයක් ඇති වෙයි කියලා සඳහන්. ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පස්සේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං හමන්නත් ඉඩ තියෙනවා. ගිගුරුම් සහිත වැසි එක්ක එන තාවකාලික තද සුළං සහ අකුණු නිසා අනතුරු වෙන්න පුළුවන් නිසා, ඒවාෙන් ආරක්ෂා වෙන්න අවශ්‍ය පියවර ගන්න කියලා කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දීලා තියෙනවා.
