නැවත කුරිරු යුද්ධයක් ඇති නොවන සමාජ පරිසරයක් අප ගොඩනැගිය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ, “නැවත කුරිරු යුද්ධයක් ඇති නොවන සමාජ පරිසරයක් අපි ගොඩනගන්න ඕන” කියලායි.
ඔහු මේ අදහස් පළ කළේ බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අසල පැවැති රණවිරු සැමරුම් උත්සවයකට සහභාගී වෙමින්. එහිදී ඔහු කියලා තියෙන්නේ, අවුරුදු 30ක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදී යුද්ධයෙන් රට මුදවා ගන්න විශාල කැපකිරීම් කළ රණවිරුවන්ට තමන්ගේ ගෞරවය පුද කරනවා කියලයි.
ඒ වගේම රටේ ආරක්ෂාව, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත පූජා කරපු සියලු රණවිරුවන්ගේ සේවය අගය කරන බවත් ඔහු සඳහන් කළා.
එම අවස්ථාවට සමගි ජන බලවේගය හි මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ත් එක්වෙලා තිබුණා. සජිත් ප්‍රේමදාස මහතා එහිදී රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වලාත් තියෙනවා.
ඒ වගේම ඔහු වැඩිදුරටත් කියලා තියෙන්නේ, යුද්ධයෙන් සහ ත්‍රස්තවාදයෙන් වින්දිත වෙච්ච හැම දෙනාටම තිරසර විසඳුමක් දෙන්න ඕන කියලා. අනාගතයේ මෙවැනි යුද්ධයක් හෝ ත්රස්තවාදයක් නැවත නොඇති වෙන්න රට ඇතුළේ ප්රතිසංධාන සහ සංහිඳියා ක්‍රියාවලියක් අවශ්‍යයි කියලත් ඔහු අවධාරණය කළා.
අවසානයේ ඔහු කියන්නේ, රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය රැකගෙන රට සෞභාග්‍යය කරා ගෙන යාම සියලු දෙනාගේම වගකීමක් කියලයි.
