සෙල්ෆි ගහනකොට ඇගිලි පෙන්නන්නේ බලාගෙනයි

සෙල්ෆි ඡායාරූප ගන්නා වෙලාවේ අත් සලකුණු හෝ ඇඟිලි පැහැදිලිව පෙන්වීම ගැන ප්‍රවේශම් වෙන්න කියලා ආරක්ෂක විශේෂඥයින් ජනතාවට අනතුරු අඟවනවා.

ඔවුන් කියන්නේ, දැන් තියෙන උසස් තත්ත්වයේ දුරකථන කැමරා සහ AI තාක්ෂණය හරහා, සමීපයෙන් ගත් පැහැදිලි ඡායාරූපවලින් ඇඟිලි සලකුණු විස්තර පවා හඳුනාගන්න හැකියාව තිබෙන බවයි.

ඇඟිලි සලකුණු කියන්නේ පුද්ගලයෙකුගේ ජෛවමිතික දත්තවල කොටසක්. ඒවා දුරකථන අගුළු ඇරීමට, අනන්‍යතාව තහවුරු කිරීමට සහ ආරක්ෂක පද්ධති සඳහා භාවිතා කරන නිසා මෙය පෞද්ගලිකත්වයට අවදානමක් වෙන්න පුළුවන් කියලා විශේෂඥයින් පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම ඇඟිලි කැමරාවට පැහැදිලිව මුහුණලා තියෙන සහ ළඟින් ගත් අධි-විභේදන ඡායාරූපවලදී මේ අවදානම වැඩි වෙන බවයි ඔවුන් කියන්නේ.

ඒ නිසා අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍යවලට එක් කරන සෙල්ෆි ඡායාරූපවල පැහැදිලි ඇඟිලි සලකුණු පෙන්වීමෙන් වළකින්න කියලා ජනතාවට උපදෙස් දී තිබෙනවා.

Share This