දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

නිරිත දිග මෝසම දැන් ටිකෙන් ටික දිවයින පුරා ස්ථාපිත වෙමින් තියෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව කියනවා. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. සමහර ප්‍රදේශවලට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසිත් ලැබෙයි කියලා සඳහන්. උතුරු පළාතටත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2න් පස්සේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං හමයි. ඒ වගේම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ගැන සැලකිලිමත් වෙලා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්න කියලා කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Share This