ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණේ

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් අමර් ප්‍රීත් සිං මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (18) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම සංචාරය මැයි 21 දක්වා පැවැත්වෙන අතර, ඔහු බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක බලකා ස්මාරකය (IPKF Memorial) වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද එක්විය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති විසින් ඔහු පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ නිල හමුවීම්ද පැවැත්වීමට නියමිතය.

මෙම සංචාරයේ අරමුණ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම බව සඳහන් වේ.

එසේම, ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ආශිර්වාද ලබාගැනීම සහ යුද හා නාවික හමුදා ප්‍රධානීන් හමුවීමද මෙම සංචාරයට ඇතුළත් වේ.

Share This