ලයිට් බිල වැඩිකරන තීරණය අද
2026ට අදාළ විදුලි ගාස්තු වෙනස් කිරීම අද (09) ප්‍රකාශයට පත් කරන්න යනවා කියලා මහජන උපයෝගීතා කොමිසම කියනවා.
මේ අවුරුද්දේ දෙවැනි කාර්තුවට ගාස්තු වැඩි කරන්න, නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම ඔවුන්ගේ අලුත් විදුලි පිරිවැය ඇස්තමේන්තුව කොමිසමට දාලා තිබ්බා.
ඉන්ධන මිල ඉහළ ගිය නිසා විදුලිය හදන්න යන වියදම වැඩි වෙලා තියෙනවා. ඒක තමයි ගාස්තු වැඩි කරන්න කියන හේතුව.
මේ ගැන ජනතාවගේ අදහස් අහන්න දාපු අවස්ථාවත් ඉවරයි.
හැබැයි බාල ගල්අඟුරු නිසා වෙන පාඩුව ගාස්තුවට එකතු කරන්නෙ නෑ කියලා කොමිසම කියලා තියෙනවා.
ඒත් එක්කම, 2026 දෙවැනි කාර්තුවට අදාළ මේ ගාස්තු වෙනස් කිරීම අප්‍රේල් 1 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන්නත් අනුමැතිය දීලා තියෙනවා.
මේ අනුව විදුලි ගාස්තු සීයට 8% ඉඳලා 14.4% දක්වා වැඩි වෙන්න නියමිතයි.
