“රටම එකට” ජාතික මෙහෙයුමේ මාස හයක ප්‍රතිඵල එයි

“රටම එකට” කියන ජාතික මෙහෙයුම, රට පුරා මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට ප්‍රබලව මුහුණ දෙන්න කියලා ආරම්භ කරලා තියෙනවා.

මේ වැඩසටහන 2025 ඔක්තෝබර් 30 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙලා තියෙන අතර, මත්ද්‍රව්‍ය සැපයුම අඩු කරන එක, ඒවාට තියෙන ඉල්ලුම අඩු කරන එක, ඇබ්බැහිවූවන්ට පුනරුත්ථාපනය දෙන එක වගේම සමාජයම එකට ගෙන මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන එක මේකේ ප්‍රධාන අරමුණක්.

මේ අතර, 2026 අප්‍රේල් 23 වෙනිදා වෙනකන් සිදුකරපු මෙහෙයුම්වලින් ලොකු ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තියෙනවා.

ඒව අතර හෙරොයින්, අයිස්, කොකේන්, ගංජා, කුෂ් වගේ මත්ද්‍රව්‍ය බහුලව හමුවෙලා තියෙනවා.

මේ මෙහෙයුම්වලින් මේ වෙනකොට සැකකරුවන් 156,000කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඒ වගේම, 2,600කට වැඩි පිරිසකට රැඳවුම් නියෝග ලබාගෙන තියෙන අතර, 1,900කට අධික පිරිසක් පුනරුත්ථාපනයට යොමු කරලා තියෙනවා.

පොලීසිය කියන්නේ, මේ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කරලා රට තුළ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය පාලනය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.

Share This