වතුර බෝතලයක් නිසා හපුතලේ හෝටලයකට ලක්ෂ 10ක දඩයක්

හපුතලේ පැත්තේ හෝටලයක්, පානීය ජල බෝතලයක් නියමිත මිලට වඩා වැඩි දාමකට විකුණපු එකක් නිසා ලක්ෂ 10ක දඩයක් ගහලා තියෙනවා.

මේ හෝටලේ තියෙන්නේ හපුතලේ වැලිමඩ පාරේ, පෞද්ගලික සමාගමකට අයත් එකක්.

මේ සිද්ධිය හෙළිවෙලා තියෙන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කරපු විශේෂ වැටලීමකදී. ඒ වෙලාවේ මේ හෝටලේ, උපරිම සිල්ලර මිල ඉක්මවලා වතුර බෝතලයක් පාරිභෝගිකයෙකුට විකුණලා තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා.

ඊට පස්සේ ඒකට විරුද්ධව පාරිභෝගික අධිකාරිය නඩුවක් දාලා තියෙනවා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට.

ඊයේ (24) නඩුව විභාගයට ගත්ත වෙලාවේ, කරුණු සැලකිල්ලට ගත්ත මහේස්ත්‍රාත්වරයා, ඒ හෝටලේට රුපියල් මිලියනයක් (ලක්ෂ 10ක්) දඩයක් ගෙවන්න නියෝග කරලා තියෙනවා.

Share This