නොමිලේ කරදෙන්න සියල්ල සූදානම් කර තිබියදී දුම්රිය වෙබ් අඩවිය නිර්මාණයට ලංසු කැදවලා
දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය අලුත් කරලා මහජනතාවට පහසුවක් වන ආකාරයට නොමිලේ සකස් කර දීමට ලංකාවේ දුම්රිය මගීන් අතර ජනප්‍රීයතම ඇප් එකක් වන RDMNS නිර්මාණය කළ විරාජ් හර්ෂණ ඇතුළු කණ්ඩායම කැමැත්ත පළ කරලා තිබ්බේ 2024 අවුරුද්දෙ. එසේ තිබියදී දුම්රිය දෙපාර්තමේන්තුව තම වෙබ් අඩවිය නිර්මාණයට පුවත්පත් දැන්වීමක් මගින් ලංසු කැදවා ඇති බව සදහන් වේ. මේ ගැන RDMNS ඇඩ්මින්වරයාවන විරාජ් හර්ෂණ මුහුණු පොතේ රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහය (🇱🇰 RDMNS Railway Social Network) සටහනක් තබමින් මේ බව කියලා තියෙනවා.
උපුටාගැනීම
Free කරලා දෙන්න හදපු එක සල්ලි වලට කරගන්න යන අලුත් වෙන Railway Web එකඅපි හැමෝම දන්නවා ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය කොයි වගේද කියලා. Outdated. මේක අලුත් කරලා, මහජනතාවට පහසුවක් වෙන්න RDMNS එකේ අපි අපේ IT Team එකත් එක්ක කතා කරලා වැඩේ කරලා දෙන්න අපි ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා.
ඇත්තටම මේක හිටපු දුම්රිය සාමාන්යාධිකාරී ධම්මික ජයසුන්දර මහත්තයා අපෙන් කරපු ඉල්ලීමක්. (මේක ගැන වත්මන් ආණ්ඩුවේ සමහර ඇමතිවරුත් දැනුවත්) ඒ අනුව අපේ කණ්ඩායම සෑහෙන මහන්සි වෙලා, රජයේ සත පහක්වත් වැය කරන්නේ නැතුව, සම්පූර්ණයෙන්ම නොමිලේ මේ Official Web Site එකේ Concept Design පටං අරගෙන Home UI එක පවා Design කරා.

ඇත්තටම මොකක්ද වුණේ?
2024 මාර්තු 03 වෙනිදා අපි දුම්රිය සාමාන්යාධිකාරී කාර්යාලයේදී මේ වෙබ් අඩවියේ Prototype Design එක නිලධාරීන් හැමෝටම Present කළා. හැමෝම ඒක දැක්කා, ඒකේ වැඩ ගැන දැනගත්තා. වෙනස් වෙන්න ඕන තැන් ගැන කතා කරා. Web Site එක Appreciate කලා. මොකද අපි සැලසුම් කරලා තිබුනේ රජයෙන් නියම කරලා තිබුණ සියළුම නීති රිති, නියෝග Structures, Formats අනුගමනය කරලා. ලොකු Research එකකින් පස්සෙ තමා අපි ඒකෙ වැඩ කටයුතු ආරම්භ කරේ. හැබැයි එදා ඒක පිළිගත්ත අය, පස්සේ කාලෙක වැඩේ අනිත් පැත්ත ගැහුවා. අපි දන්නෙ නෑ ඒ කාගෙ උවමනාවට ද කියලා.
අපේ ප්රශ්නය මේකයි, අද වෙනකොට අපිට දැනගන්න ලැබෙනවා මේ වෙබ් අඩවිය මහජන මුදල් ලක්ෂ ගණනින් වියදම් කරලා අලුතින් හදන්න යනවා කියලා. ඔය පහල තියෙන්නේ ඒකට අදාල ටෙන්ඩර් Notice එක.
අපි කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී නොමිලේම (Free) හදලා දෙන්න හදපු වෙබ් අඩවිය පසෙකට දාලා, මහජන බදු මුදල් වියදම් කරලා අලුතින් වෙබ් අඩවියක් හදන්න යන්නේ ඇයි කියලා නම් දන්නෙ නෑ.
නොමිලේ දෙන දේට වඩා, සමහර විට සල්ලි වියදම් කරලා කරන ව්යාපෘති වලට වෘත්තීය සමිති වලත් බලපෑම සහිතව බලධාරීන් මෙච්චර ආස කරන්නේ ඇයි කියලා අපි දන්නෙ නෑ. දුම්රිය දෙපාර්තමේන්තුව මෙච්චර අමාරු තත්ත්වයක තියෙද්දී, වියදමක් නැතුව කරගන්න තිබුණු වැඩකට මේ විදියට මහජන මුදල් වියදම් කරන්න ඕන ඇයි කියලා අපිට නම් තේරෙන්නෙ නෑ.
කමක් නෑ. කොහොම වුණත් වැඩේ කොහොම හරි කෙරෙනවා නම් අපි ඒක අගය කරනවා. අපිට ලැබුණ තොරතුරු එක්ක Railway Website එක Outdated, Update වෙන්නෙ නෑ කියලා අමාත්යංශය දැනගත්තෙත් RDMNS දාපු Post එකකින්. අපිට ඒක ගැන තියෙන්නෙ ඇත්තටම සතුටක්..
කොහොමහරි අවුරුදු ගානක් හදාගන්න බැරි උන සිස්ටම් එකක් මෙහෙම හරි ටික ටික හරි ගොඩ දාන්න පටන් ගන්නවා දැකපු එකට ඇත්තටම සතුටුයි
උපුටාගැනීම අවසන්..
උපුටාගැනීම අවසන්..
