චන්දන කත්‍රිආරච්චිගේ ගෙවත්ත පීරයි පැය 4ක විශේෂ STF මෙහෙයුමක්

අවි ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් ඉන්න හිටපු නියෝජ්‍ය අමාත්‍ය Chandana Kathriarachchi මහතාගේ නිවස සහ වත්ත අද පැය 4කට ආසන්න කාලයක් පුරා පොලිස් විශේෂ කාර්ය බලකායත් එක්ක විශේෂ සෝදිසියකට ලක් කරලා තියෙනවා.
මේ සෝදිසිය සිදුකරලා තියෙන්නේ රහසිගත තොරතුරු මත, අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් අරගෙන.
මීට කලින් ඒම නිවසේ සෝදිසියකදී, බලපත්‍ර උල්ලංඝනය කරලා තබාගෙන තිබුණ ගිනිඅවි, උණ්ඩ සහ ජීව බෝම්බයක් වගේ දේවල් හමුවීලා තිබුණා. ඒකට අදාළව චන්දන කත්‍රිආරච්චි මහතාව අත්අඩංගුවට ගත්තේ.
හැබැයි අද කරපු සෝදිසියෙන් නම් කිසිම සැකකටයුතු දෙයක් හම්බ වෙලා නැහැ කියලා පොලිසිය කියනවා.
