තමිල්නාඩුවම හොල්ලපු ඡන්ද වාර්තාව ඉතිහාසයේ ප්‍රථම වතාවට 84.6%ක් කතිරය ගසයි

තමිල්නාඩු දේශපාලන ඉතිහාසයේ කවදාවත් නැති විදිහේ දැවැන්ත පිම්මක් මෙවර මහ මැතිවරණයේදී දකින්න ලැබිලා තියෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන විදිහට මුළු ප්‍රාන්තයෙන්ම 84.6%ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් මෙවර ප්‍රකාශ වෙලා තියෙනවා.
මේ මැතිවරණයේ තියෙන විශේෂත්වය මොකක්ද?
-
අවුරුදු 70කට පස්සේ ආපු වාර්තාවක්: 1952 වසරෙන් පස්සේ තමිල්නාඩුවේ වාර්තා වුණු ඉහළම සහභාගීත්වය මේකයි. මීට කලින් 2011දී තිබුණ 78.29%ක වාර්තාවත් මෙවර කුඩු වෙලා ගිහින්.
-
චෙන්නායිත් උනන්දුවෙන්: සාමාන්‍යයෙන් නගරබඩ පිරිස් ඡන්දයට එනවා අඩු වුණත්, මෙවර චෙන්නායි නගරයේ පවා හවස 5 වෙද්දී 81.34%ක් ඡන්දය දාලා තිබුණා.
-
ඡන්ද මධ්‍යස්ථානවල පුදුම දේවල්:
-
ටීනා රොබෝවරිය: කොයිම්බතූර්වල ඡන්දදායකයන්ව පිළිගන්න “ටීනා” නම තියපු රොබෝවරියක් යොදාගෙන තිබුණා. එයා ඡන්දය දාන්න ආපු අයට ටොෆී බෙදමින් ආචාර කරපු හැටි හැමෝගෙම අවධානයට ලක් වුණා.
-
මංගල ඇඳුමෙන් ඡන්දෙට: චෙන්නායිහි අලුත විවාහ වුණු යුවළක් තමන්ගේ මංගල උත්සවය අතරතුරම ඇඳුම් පිටින්ම ඇවිත් ඡන්දය පාවිච්චි කරපු හැටි දකින්න ලැබුණා.
-
තරඟය කා අතරද? ආසන 234කට අපේක්ෂකයෝ 4,000කට වඩා තරඟ කරනවා. විශේෂයෙන්ම ස්ටාලින්ගේ DMK, එඩප්පඩිගේ ADMK වගේම ජනප්‍රිය නළු විජේගේ TVK පක්ෂය සහ සීමන්ගේ NTK පක්ෂය අතර හරිම තියුණු සටනක් තමයි මෙවර තියෙන්නේ.
ඇත්තටම තරුණ පරම්පරාවේ ඉඳලා වැඩිහිටියන් දක්වා හැමෝම තමන්ගේ අනාගතය තීරණය කරන්න මෙච්චර උනන්දුවෙන් පෝලිම් ගැහෙන එක ප්‍රජාතන්ත්‍රවාදයේ ලොකු ජයග්‍රහණයක්!
